2026/02/27 Fri
スリランカ環境絵画コンテスト 環境教育
【スリランカ環境絵画コンテストVol. 1】クンダサーレ編
アーユボーワン!
キャンディ県クンダサーレ町役場で活動をしているJICA海外協力隊の安齋麻友子です。
現在スリランカでは「スリランカ環境絵画コンテスト」を実施中です。環境教育隊員が配属されている4地域(キャンディ・クリヤピティヤ・クンダサーレビンギリヤ)の小中学生734名が参加してくれています。当コンテストは環境問題について学び、考え、表現することを通して、子どもの自由な発想を引き出し、環境への意識を育んで欲しいという思いから計画しました。各地域で選ばれた作品は、芸術大学の教授による最終選考へ進みます。また、世界へとつながるステージとして、子どもたちの作品は日本品質保証機構(JQA)主催の「第25回 JQA 地球環境世界児童画コンテスト」にも応募しました。スリランカの子どもたちが、環境問題は世界共通の課題であることに気づき、当コンテストが行動の一歩を踏み出すきっかけになることを長い、環境隊員一同、一つひとつ丁寧に企画に取り組んでいます。
今回は私の配属地域、クンダサーレで実施した絵画作成プログラムの様子をお届けします。
クンダサーレでは学校と地域の図書館でプログラムを実施し、合計159枚の絵画が集まりました。今年のJQAが主催するコンテストのテーマは「地球の声を聞いてみよう」。プログラムの初めに様々な環境問題について説明しながら、「動物や自然とお話しすることはできないけれど、もしできたとしたら、地球はどんなことを私たちに伝えると思う?」と問いかけました。子どもたちからは「ゴミを捨てないで」「木を切らないで」「汚くしないで」「悲しい」などのたくさんの地球の声が返ってきました。
子どもたちはその声をもとに、自分なりの視点で地球の声に耳を傾け、思いを込めて絵画を仕上げてくれました。「何を書いたらいいかな」「ここは何色がいいかな」と友だち、先生や私と話をしながら、楽しそうに絵を描く姿がとても印象に残っています。
どの作品も素晴らしく、地域審査は難航しましたが、入賞作品を決定。今後、学校や図書館ごとに表彰式を予定しています。
ආයුබෝවන්!
මම ජායිකා ජාත්‍යන්තර සහයෝගිතා සංවිධානයේ පරිසර අධ්‍යාපන නිලධාරිනියක් වන අන්සායි මායුකෝ. මේ දිනවල මම මහනුවර දිස්ත්‍රික් කුන්දසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මූලස්ථානය කරගෙන ක්‍රියාත්මක වෙමින් සිටී.
පැවැත්වෙන "ශ්‍රී ලංකා පරිසර චිත්‍රකලා තරඟාවලිය" සඳහා මහනුවර, කුරුණෑගල, කුන්දසාලේ සහ බිංගිරිය යන ප්‍රදේශ 4ක සිට සිටින සිසුන් 734 දෙනෙකු සහභාගී වී ඇත.
මෙම තරඟය ආරම්භ කරනු ලැබූයේ, ළමුන්ට පරිසර ගැටළු පිළිබඳ ඉගෙන ගනිමින්, සිතමින්, නිර්මාණය කරමින්
ඔවුන්ගේ නිදහස් සිතුවිලි වර්ධනය කිරීම හා පරිසරය පිළිබඳ සංවේදනශීලීත්වය වර්ධනය කිරීමට උදව්වක් වීමටයි.
ප්‍රදේශීය තේරීම් සමඟ, විශිෂ්ට කලාකරුවන් සහ ආචාර්යවරුන්ගේ මූලික තේරීම් මත පදනම්ව ජයග්‍රාහී කෘති තෝරා ගැනේ.
තවත් මට්ටමක් ලෙස, තෝරාගත් චිත්‍ර JQA (Japan Quality Assurance Organization) විසින් සංවිධානය කරන "25 වන ජාත්‍යන්තර පරිසර ළමුන්ගේ චිත්‍ර තරඟය" සඳහාද යවනු ලැබේ.
ශ්‍රී ලංකාවේ ළමුන්ට, පරිසර ගැටළු සරළ රටවල් පමණක් නොව, ලෝකයම මුහුණපාන පොදු ගැටළුවක් බවට අවධානය යොමු කරවීම,
එවැනි අවබෝධයක් මත පදනම්ව ක්‍රියාමාර්ගයකට පියවර තැබීමට මෙය අවස්ථාවක් වීම අපගේ අපේක්ෂාවයි.
එමනිසා, අප පරිසර අධ්‍යාපනික කණ්ඩායම මේ ව්‍යාපෘතිය එක් එක් පියවරක් සලකා බලා, ක‍්‍රමවත්ව සහ කැපවීමෙන් ක්‍රියාත්මක කරයි.
මෙවර මම ඔබට හඳුන්වාදෙන්න යන්නේ, මගේ කාර්ය භූමිය වන කුන්දසාලේ ප්‍රදේශයේදී සිදුකළ චිත්‍රකලා වැඩසටහන පිළිබඳවයි。
කුන්දසාලේහි පාසල් හා ප්‍රාදේශීය පුස්තකාලවලදී වැඩසටහන් පවත්වනු ලැබූ අතර, මුළු චිත්‍ර 159ක් එකතු විය
මෙවර JQA තරඟයේ තේමාව වූයේ:
"පෘථිවියේ හඬ සවන් දෙමු"
වැඩසටහනේ ආරම්භයේදී, විවිධ පරිසර ගැටළු පිළිබඳව සාකච්ඡා කරමින්,
"පොලොව, සතුන්, සහ ස්වභාවය අපට කතා කළ හැකි නම්, ඔවුන් අපට කුමක් කියාවි ද?" යන්න ළමුන්ගෙන් ප්‍රශ්න කළෙමු
"කසළ නොගෙඩන්න", "ගස් කැපෙන්න එපා", "පරිසරය නාස්ති නොකරන්න", "පෘථිවිය දුක්වෙලා තියෙනවා" වැනි උත්තර ගණනාවක් ලැබුණි
මෙම අදහස් මත පදනම්ව, ළමුන් තමාගේම දෘෂ්ටිකෝණයෙන් පෘථිවියෙහි හඬට සවන් දී, සත්‍ය හිතෙන් සහ උනන්දුවෙන් ඔවුන්ගේ චිත්‍ර නිර්මාණය කළහ
"මම මොකද්ද ඇඳින්නෙ?", "මෙහි වර්ණය මොකක්ද?" යන ගැටළුන් සෙවිමින්, මිතුරන්, ගුරුවරුන් හා මම එක්ව සාකච්ඡා කරමින්
සතුටින් සහ ආශ්වාදයෙන් පිරුණු පෙනුමක් ඔවුන්ගේ මුහුණු වලින් දැකිය හැකි විය
ප්‍රදේශීය තේරීම් ඉතා අභියෝගාත්මක වූ අතරත්,
අවසන් ජයග්‍රාහී කෘති තෝරා ගැනීම සාර්ථකව අවසන් විය,
ඊළඟට, පාසල් සහ පුස්තකාල මට්ටමින් සම්මාන ප්‍රදානෝත්සව පවත්වන සැලසුමක් ඇත
SHARE




